මුදලට වඩා මිනිස්කම රජ වූ යුගය



 මුදලට වඩා මිනිස්කම රජ වූ යුගය

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


මේවා නතින්ග් අප පාසල් ගිය                   බාලේ

හිත හොඳ ගැටිසියන්ගේ රස විඳි               ලීලේ

කිසි වියදමක් වැය වූයේ නෑ                       රාලේ

මිනසත් කමයි රජ කෙරුවේ ඒ                 කාළේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

නිල්වැල්ලෙන් ඇල්ලට




 නිල්වැල්ලෙන් ඇල්ලට

➖➖➖➖➖➖➖🔴


එල්ලී කෝච්චියේ දොර ළඟ ඇති         පොල්ලේ

සුවිමින් කරන්නෙයි වස්තුව ගිය            ඇල්ලේ

ආරුක්කුවක් මැද පිහිටා ඇති                 වල්ලේ

සිග්නල් වැටී බිං ගේ ඇතුලේ                හෙල්ලේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

පූසාගේ කයිය


පූසාගේ කයිය

➖➖➖➖🔴


අජඨාකාසෙටත් අපෙ උන් යවනවා            නාසා

අපි දන්නවා කෙල්ලන්ගේ හොර                භාෂා

අන්දන්නට ඔයා ඔය විදියට දෝ                 ආසා

මම නම් නොරැවටෙමි කෝ අක්කගේ         පූසා


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

 

සැමදා හඬනට වන නිසා



 සැමදා හඬනට වන නිසා

➖➖➖➖➖➖➖➖🔴


දුටුවෙමි අපුරු පැනයක් බුකියේ                     යද්දී

මනමාලයා ඇයි නාඩනූ බුලතුත්                  දෙද්දී

පොර ඉල්ලුවම වයිපර් යයි ගස්සා               පැද්දි

හැමදා අඬ අඬා නිදි යන්නේ හිත                  රිද්දී


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

දෙබිඩි කැන්ඩි යන්





දෙබිඩි කැන්ඩි යන්

➖➖➖➖➖➖🔴


අම්මා උඩ රටය අප්පා පිට                            රටය

මක්කා උනත් දැන් ඉන්නේ පිට                 කොටුය

මෙව්වා දකින් උන් දිගටම ඇන්දොත්          බඩුය

රදළ කුලේ මහ නිළමෙලා කොට                 උඩය


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

 


ඉල්ලා අඹ ගන්න

 


ඉල්ලා අඹ ගන්න

➖➖➖➖➖➖➖➖➖🔴


පැසුනට වඩා රසයි අඹ ඵල අමුවෙන්        කන්න

ඉදෙනට කළක් ගතවෙයි බැහැ ඉව            සන්න

අතු මත රැඳුණූ ගැට ගෙඩි එලියට            පැන්න

දුටුවම හිතේ රන්කඳ ඉල්ලලා අඹ             ගන්න


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.


මේ ෆැෂන්ද අප්පා




 මේ ෆැෂන්ද අප්පා

➖➖➖➖➖🔴➖


වස්තර අඳින්නේ නම් විලි වහ                   ගන්න

වහගෙන උනත් හැක ලාලිත රස             දෙන්න

ඕනම නම් දුවේ කළුනික පෙන්                  වන්න

කොංගෝ වනේ තෙක් කට් එක දා             ගන්න


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.