ගෙඩි නැති ගස්

 



ගෙඩි නැති ගස්

➖➖➖➖➖🔴


ලොකුවට උස ගියත් සරුවට යලටද        මහට

පල නෑ ගෙඩි නැතොත් ඒවයෙ මහ            උසට

ගෙඩි ගෙන එතේ පෙනුමක් ගහටද           කඳට

බර නැහැ ලොකු උනත් ඒවා කෙතරම්      ගහට


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

වෙල්කම් ටු හෙවන් ලුවී වැන්ඩස්ට්‍රාට්න්




 වෙල්කම් ටු හෙවන්

ලුවී වැන්ඩස්ට්‍රාට්න්

➖➖➖➖➖➖❤️


එන එන එක බැලුමට පෝලිම්වල         වේටින්

වෛරය ඇගේ බැලුවම අත හා              ඩේටින්

නිවනේ ගිහින් පල නෑ වැන්ඩ්‍රස්               ටාට්න්

නොමිළේ ටිකට් එක සුරලොව ඩෝ          ඕපන්


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

.


බුරි වැනුම

 



බුරි වැනුම

➖➖➖🔴


නව වසරට ආසිරි ගෙන එන                    ලලනා

පෙන්වයි ගැමි සිරිය පෙර කල සිට           ගලනා

දුටුවම වැසුනු තැන් වල ඇති දේ               අගනා

රැකගෙන ආපු සීලෙත් හතකට              කැඩුනා


ඩගියගෙ එකයි ඒ කාළෙම සිට                  පතල

වඩවයි නාරි දේහය මත රැඳි                  කොමල

සිපගන් කැත නැතිව වාගෙම මුව             කමල

නෑකම් නැතේ කෙල්ලනි බුරියෙන්              පහළ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.


බනිස් කෑමට පිළිතුරු

 



බනිස් කෑමට ලැබුන 

පිළිතුරු කවියක් හා

ඊට මගේ පිළිතුර.....

➖➖➖➖➖➖❤️➖

.

ලොකු පොඩි බනිස් කොයිකත් හරි රසයි    කියා

සුදු කලු තලෙලු බනිසුත් ඒ අතරෙ             මෙයා

පොඩ්ඩක් සීනි කැටයක් දෙක උඩින්            තියා

රස විදිනවා මම දැක්කා මාතේ                     ඔයා


- Upamali UL -


දුටු කල සීනී ඇඹලයො පෝලිමෙ                 ආවා

වර්ණය කුමක් වූවත් මට ගානක් නෑ          ඕවා

කලුගල් මැද උනත් ගලනවා පණ උණු      ලාවා

කාලා බනිස් මම ගල් ලෝඩයකුත්             බෑවා


- කාව්ව සිරෝමනී මාතලන් - 


#කුප්පකවි



බනිස් කෑම




 බනිස් කෑම

➖➖➖🔴


කිඹුලා ක්‍රීම් බිත්තර වල ගාන                    වැඩී

ඒකයි ටී බනිස් දෙන්නේ මිළෙන්               පොඩී

නෙක නෙක සයිස් වල ආවත් කුඩා            තඩී

කෙසෙල් ගෙඩි ඇවිත් ඕවයේ මැදට            වඩී


©® කාව්ව සිරෝමනී මාතලන් 

#කුප්පකවි 


පිළිතුරු කවිය - U L උපමාලී


ලොකු පොඩි බනිස් කොයිකත් හරි රසයි    කියා

සුදු කලු තලෙලු බනිසුත් ඒ අතරෙ             මෙයා

පොඩ්ඩක් සීනි කැටයක් දෙක උඩින්            තියා

රස විදිනව මම දැක්කා මාතෙ                      ඔයා




.



ආහාර පිසීම




 ආහාර පිසීම

➖➖➖➖🔴


ගමනා පහසු කරලයි ගොනු ගෙල බැඳි රියේ    සක

හැගෙනා යමක් කවි කර කියනෙමි මෙදසුනේ දැක

දැවෙනා සියළු දේ අවසන පෙන්නූවත් සසරෙ       දුක

නැවෙනා තරමටම දරපොලු ඇතුලට එබිය      හැක


©® කාව්ව සිරෝමනී මාතලන් 


#මාතලන් 


.


ගලේ ඇඹරීම




 ගලේ ඇඹරීම

➖➖➖➖🔴


ගලේ ඇඹරුවේ අපි පොඩි කාළෙයි           බාලේ

ඉන්පසු ගම වටේ හන්දියේ ඇඹරුම්      මෝලේ

එක්ස්පෙන්සිව් බඩුත් දැන් වැහි වැහලා    රාලේ

තලවතුගොඩ පුරේ ලාබලු නෙක නෙක   තාලේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

කෙසෙල් කොලේ බත්

 



කෙසෙල් කොලේ බත් 

➖➖➖➖➖➖➖🔴


එකලේ කෑම ආ රඹ කැන් කොලේ           එතී

ඇතුලේ තිබෙන දේවල් රස වැඩියි          නිතී

කිතුලේ නැගී අම රසයද පෙරා             බොතී

පතුලේ පවා ලෙව කාගෙන උලා             කතී


©® කාව්ව සිරෝමනී මාතලන් 


#මාතලන් 


.

මිදි යුෂ

 



දාසිය මට මධු බඳුනක් ගෙන එව..

- සුභ සහ යස -

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


දැක්මෙන් වුවත් පල බර මිදි වැල්             පවනේ

පෙඟෙමින් ගලන පැණියෙන් උක්දඬු     නැගුනේ

පැහැයෙන් ධවල තොල් පෙති මත නිය    රැඳුනේ

දිවඟින් රසය විඳිනෙමි මධු පිරි                 බඳුනේ


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

.


බන්ඩි ගොයම

 




 බන්ඩි ගොයම

➖➖➖➖🔴


නොමිළෙම බන්ඩි පොහොරත් ලැබෙනවා    ඇතී

කෙමිකල් කාබනික ලෙස ඇති වෙනසකුත් නැතී

අත් ගුණ නැතොත් කෙත් වතු සරු නොවන ගතී

පෙර කළ සිටම ලීව්වයි පඬි වරුන්                රතී


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.