බනිස් කෑමට ලැබුන
පිළිතුරු කවියක් හා
ඊට මගේ පිළිතුර.....
➖➖➖➖➖➖❤️➖
.
ලොකු පොඩි බනිස් කොයිකත් හරි රසයි කියා
සුදු කලු තලෙලු බනිසුත් ඒ අතරෙ මෙයා
පොඩ්ඩක් සීනි කැටයක් දෙක උඩින් තියා
රස විදිනවා මම දැක්කා මාතේ ඔයා
- Upamali UL -
දුටු කල සීනී ඇඹලයො පෝලිමෙ ආවා
වර්ණය කුමක් වූවත් මට ගානක් නෑ ඕවා
කලුගල් මැද උනත් ගලනවා පණ උණු ලාවා
කාලා බනිස් මම ගල් ලෝඩයකුත් බෑවා
- කාව්ව සිරෝමනී මාතලන් -
#කුප්පකවි
No comments:
Post a Comment