පහනට තිර දමමු

 



පහනට තිර දමමු

➖➖➖➖➖❤️


යන්නට නොදී තිසරුන් හට උඩු           ගුවනේ

රන්කඳ නුඹ ඉඳින් මම එනතුරු            යහනේ

තිරය දමා මෙලවා තෙල් පිරි                  පහනේ

ගිනි කෙලි නටමු එලිවන තුරු සුර        විමනේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

වැට අයිනේ අරුන්දතී

 



වැට අයිනේ අරුන්දතී

➖➖➖➖➖➖➖➖➖➖❤️➖


මං නැති අඩුව උඹෙ හද කිති කවන්නැ           තී 

දෑඟිලි තුඩු ළය මඩලේ දුවන්නැ                       තී

ඒ රස හැඟුම් වීනාවත් වයන්නැ                       තී

වැට අද්දර මම එනකම් අරුන්ද                        තී


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

මල් මල් සේල




 මල් මල් සේල

➖➖➖➖🟥


රෙදි ලාබෙටම ගත හැක පමුණුව       පැත්තෙන්

යන්නට මට එහේ අද වේලාවක්         නැත්තෙන්

මහලනෙ ඇඳුම් ගලවාලා දොර             රෙද්දෙන්

තුන්දොර ඇවිලුනා දුටු දසුනින්               මැද්දෙන්


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි


.

MISS ARGENTINA AND MISS PUERTO RICO 2020 GET MARRIED




 SURPRISE! 

MISS ARGENTINA AND MISS PUERTO RICO 2020 GET MARRIED

➖➖➖➖➖➖➖❤️➖


ජාලෙන් බලන්නෙම ලෙස්බියි උන්ගේ විසේ නිසා

කවුරුන් කෙසේ කීවත් මට නැතේ              දොසා

ප්‍රේමය කිමැක්දැයි හඳුනා ගෙන නැතිත්       නිසා

දෙරටක හොපර්ස් බෑ හැක නොමැතිව         වීසා


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.



පත්තරයෙන් එහා




 පත්තරයෙන් එහා

➖➖➖➖➖➖➖➖➖🔴


මුතුහර මිහිර නවයුගයේ බුහිටි             කම

හිරිගඩු පිපුනි පති පතිනියො බලපු         වම

දුකට හේතුවයි දැන් ඒවා නොමැති          කම

පත්තරයෙන් එහා ලෝකය බලමි             මම


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

සෙල්ලිපි

 



සෙල්ලිපි

➖➖➖➖⭕


අගත අනගත චතුදිශ ශගශ ලෙස කෙටුවෙලු තෝනී                 ගලේ

ලෙන් ලිපි ටැම් ලිපි පුවරු ලිපි ලෙස පැවතිනි පැරණි                හෙලේ

පෙර සිට පැවත එන ට්‍රැඩිෂන් අමතක කල හැකිද                    මලේ

කලු ගල් කුමටදැයි සිතුනා කිරිගල් පොත් පච්චේ දැක්ක       වෙලේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

සම්මා දිඨ්ඨී




 සම්මා දිඨ්ඨී

➖➖➖➖


වැටිලා නෝනගේ ඔක්කොම කන්                      නාඩී

එල්ලෙන වස්තුවේ බර කීයෙයි මන්                   චාඩී

එව්වා රඟන කල වැඩි වෙයි ධමනියෙ              නාඩී

ඔහොමම ඉද්දි අරගමි කොන්ඩේ                      ලේඬී


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.


පහනෙ යකා




 පහනෙ යකා

➖➖➖➖⭕


රී රී  මහා.. සෝනා පිට හරහට කෙලිය       යකා

ළිං ගං තොටුපලේ කෙලියලු පෙර විනේ      තකා

දැං නෑ එහෙව් උන්, වෙනුවට එයි ග්‍රීස්         යකා

මේ වගේ එකෙක් වෙන්නැති නේ පහනෙ    යකා


("විනේ තකා" හා "පහනෙ යකා" යන වදන් පද පෙරලි කර විඳගන්න)


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

වෑවර කුරුම්බා


වෑවර කුරුම්බා

➖➖➖➖➖➖➖➖➖


මැද පිරි අමා රස බොමු වෑවර කු            රුම්බා

කස් සප රජුත් තිසරුන් සිත් සේ               ඉම්බා

රිය සක දැවටුනත් මන රම් සළු              කම්බා

සුර දෙව් ලියන් සිහි වෙයි රශියන් ලු        ලුම්බා


©® කාව්‍ය සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

දෙල් දොදොල්

 


දෙල් දොදොල් හා තොල්

➖➖➖➖➖➖➖➖🟠

,

කෙල්ලෙක් අසයි

තොදොල් වෙමින්...

ඔයා ආසයිද කන්න දෙල්..

නෑ... ගිනියම් සුදූ..

එහෙනම් දොදොල්..?

නෑ සුදූ මම කන්න ආස තොල්...

මොකෝ මම හරි වල්...

ගන්නේම නෑ සිල්..

බොන්නේ සීල්.


©® කාව්‍ය සිරෝමනී මාතලන් 


#කුප්පකවි





පමුණුවේ මල් මල් ජංගී



 මුණුවේ මල් මල් ජංගී

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖

.

මාකැන්ඩ් ස්පෙන්සර් වික්ටෝරියා යයි         හැංගී

ඇඳගමු යටට පමුණුවෙ මල් මල්                    ජංගී

සැරසී බතික් ටොප් ඇන්ඩ් දාසීරි                     ලුංගී

සතොසේ ජොක්කු පෝලිම වෙත යමු            නංගී


©®කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

රට වට්ටක්කා (Sweet Melon)

 


රට වට්ටක්කා (Sweet Melon)

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


ගන්නට පොලට ගිය විට සීයක් බන්         ඩක්කා

දෙහි ගැට දොඩම් වික්කේ රොසලින්         අක්කා

මැද රතු පැහැති බෝ රස පිරි පත්              තක්කා

ඔක්කොම  පදිරි නොනගෙ රට වට්          ටක්කා


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.


මල් කළඹ

 



මල් කළඹ

➖➖➖➖➖➖


සුන්දර මුව කමල පරදයි පිරි මල් කපු         රූ

ගින්දර වගේ නුඹෙ ඔය වත පිරි රුසි           රූ

විසිකර වසා අත රැඳි මල් රණ තිස              රූ

පින්කර දෑස ඉවසන් ඒ මොහොත තු           රූ


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

චොක්ස් කමු



 චොක්ස් කමු

➖➖➖➖➖➖➖


ආසයි කව්රුත් ලොලි පොප් කන්           නට

හෝල් ගිහින් කුමටද චොක්ස් නැති       විට

චොකලට් පැහැයට වටේට තිබු             නට

කිරි පාටයි මැද දියවී ගලනා                කොට


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

ඉස්ටෙතස්කෝප්




ඉස්ටෙතස්කෝප්

➖➖➖➖➖➖⭕


වතිකානුවේ මැල්කම් මුණ ගැසී                        පෝප්

එල්ලන්න්ට කියයි සිරිසේනට දමා                     රෝප්

ඇතිනම් ඉඩක් බල තබලා ඉස්ටෙතස්             කෝප්

බලමුද ඩොක්ටර් අපි දෙන්නගෙ හොරස්         කෝප්


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි


.

බොයිලේරුව රත් වෙයි



බොයිලේරුව රත් වෙයි

➖➖➖➖➖➖➖➖⭕


සකපෝරුව කැරකෙයි රණ හස්                 පැද්දේ

බොයිලේරුව රත් වෙයි මගෙ දෙප            රැන්දේ

පන්තේරුව වනමින් නගමින්                       සද්දේ

මන් තේරුව ගහ යට රඟමුද                        යුද්දේ


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි


.

බව් ලව්

 



බව් ලව්

➖➖❤️


දෙන් නට එපා  කී වත් පුප ජනේ             ලයෙන්

ඉන්නේ කුමට වඩිනා තෙක් පරා             ලයෙන්

බව්වො ගනී වැඩ දුටු තැන පුනී              ලයෙන්

චොර වෙන්නේම ගැල වෙන්නැති මරා    ලයෙන්


තා එකක්...


දෙන්නට එපා කී වත් පුප ජනේ                ලයෙන්

දීලා නේද ඔක්කොම ටික ගේට්                ටුවෙන්

කොල්ලන් නමයි කෙල්ලන් හිත් යාප්      පුවෙන්

නිදහස් වෙතේ Spa යන ගාස්                   තුවෙන්



©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 




.

කුක්කු බොමු

 



කුක්කු බොමු

➖➖➖➖➖


ගත්තට කඩෙන් පිටිකල කිරි ගොන්            යක්කූ 

බිව්වට නැතිය කිසි ගුණයක් ඒ                    කුක්කු

බොන්නට උරා කිසි දින නොමවන්               මුක්කූ

යනකොට බොන්න ඇඳගෙන පලයන්       ජොක්කු


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 




.

අරගල



අරගල

➖➖➖


කලබල කරන විට සුදු  හැම මොහො      තකම

තදබල ලෙසින් සිහි වේ සසරෙහි              කරුම

පෙරකල බැඳුනු පෙම ජයගත් දින             තවම

අරගල මගේ මතකෙට එයි නිඹ                  ඳවම


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි



ලම්ප්‍රයිස්




 ලම්ප්‍රයිස්

Lamprise

➖➖➖▪️


කතා හැදුනත් ළඳක් මේ ලෙස සැඟව සිටිනා විටදි                   කැලයේ

ලතා තුරු මල් වියන් පත් වුව විඳිණු ඇත ඒ පහස                  නෙරියේ

සිතා නොතැවෙනු ලබන්නට නොහැකි යයි මසැවුලෙහි            රසයේ

ඔතා කන විට බතක් වුව රස වැඩියි නොවැ ඒ කෙහෙල්      කොලයේ


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 



.

මා මත් කළ තන මල් විල

 



මා මත් කළ

තන මල් විල

➖➖➖➖➖➖➖▪️


එක පුන් සඳෙන් දුරු වෙයි ලොව ඝන         අඳුර

සඳ ගත වන පුරකට තව සඳෙකිනි            විඳුර

පහසේ බැඳෙන කළ තණ මල් විල             පඳුර

මින් මතු ඔබද හඳ වෙත යනු ඇත          සොඳුර


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 



.

ඈරීම



 ඈරීම

➖➖⭕


නැති බැරි කමයි දර ලිප උඩ ඇවි     ලෙන්නේ

අඟ හිඟ තමයි කාගෙත් හිත් පෑ      රෙන්නේ

පෙර කළ පව්ද මේ තරමට පල         දෙන්නේ

හිත හොඳ නිසයි මේ තරමට ආ         රන්නේ


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 




.

ඒඩ්ස් මාරාන්තිකයි



ඒඩ්ස් මාරාන්තිකයි

➖➖➖➖➖➖➖➖➖➖➖⭕


කොපුව ඌට දික්කරන්නේ..

ඕකත් මෙහෙට ගනින්..

තී කොයි කොයි දීපංකරේ කරක් ගැහුවද කව්ද දන්නේ....


- කින්ග් වැද්දා විසින් ප්‍රින්සස් මනමේට ගිරිහෙල් අරණේදීය -


⭕ මහාචාර්‍ය සරත්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ මනමේ නාඩගමේ අප්‍රකාශිත පිටපතෙනි..


©® කාව්ව සිරෝමනී මාතලන් 



හීතලට ලියැවුනු කවි..



 හීතලට ලියැවුනු කවි..

➖➖➖➖➖➖➖➖➖➖➖➖😁➖


ජීවිතේට ප්‍රථම වතාවට

ආපූ හීතලේට

බුකියෙ හැමිනෙනවා

කවි ලියලා ඕසෙට


වෙන්නම් ඔයාගේ හිම කබා

ජංගි දෙකක් ඇඳගන්න සුදු බබා

කනට තොප්පිය ඔබා

පෙන්නහන් අපි සිඹා...


දෙන්නම් උණුහුමට කිස්

එන්න සුදූ ඉන් බොක්ස්

දුරුවෙයි සියළු වස් දොස්

කුක්කුත් පෙන්නපන් ෆන් ෆො ජස්


බැරිම උනැයි මෙයිට කලියෙන් හීතලේ විඳගන්න..

අනේ නිකන් පලෑන් බං යන්න...

අම්මගෙ රෙද්ද වැලෙන් ගෙන පොරවන්න...

හංදියෙන් දැල් කඩෙන් ෂොට් එකක් දාගන්න..


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

මීවිතයි ජීවිතයි




 මීවිතයි ජීවිතයි

➖➖➖➖➖➖➖➖🍸➖


මීවිතය මම නම්,

ඔබ වේ අයිස් කැට....


මීවිතය මම නම්..

ඔබයි එහි ෂැන්ඩි එක....


මීවිතය මම නම්,

ඔබ වේ බයිට්ටෙක....


විටෙක මීවිතය හා බයිට්ටෙක

දෙකම මමමය....

සොඳුරිය...


එතකොට තමුසෙ බොන සිකැරට් එක..


ඇයයි හොර ගැහැණිය....


ජීවිතය.. නිවාලන...

මත්වීම නිවන වන....


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 




.

මහසෝනා ලෙෆ්ට්


 

මහසෝනා ලෙෆ්ට්

➖➖➖➖➖➖➖➖➖➖😭▪️


දෙන්නට කලින් පිට හරහට මහ                  සෝනා

අල්ලාගෙන වගෙයි බෙල්ලෙන් මේ සුදු        නෝනා

දැන්වත් යකෝ මෙය දැන ගන්නම                   ඕනා

මින් මතු ඉතින් උඹෙ රෙස්පෙක්ට් මට           වානා


ඉස්සර කෙල්ලො බය මුත් තොගෙ සමයම         ට 

සමයන් මේ සමේ බය නෑ බං තොට අප              ට

බලියට තොවිලෙකට කිරි ගස් පෙර පෙරලුව     ට

මින්මතු නටාපන් කෙල්ලගෙ හැම පදයක          ට


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි




මික් පුරික්ස්


 මික් පුරික්ස්

➖➖➖➖▪️


ජීවීතටයටම මූ නැත බැකියක්                  මිරිකා

කාලා නෑ වගේ කොලුවා නම් වැල             වරකා

එවපන් පුතේ මා වෙත ඔය හන්            ගොරකා

ටියුෂන් මගෙනි නොමිළෙම උඹ ගැන      සලකා


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.


බාලා අහවරයි කෙල්ලේ ආප්ප


 බාලා අහවරයි කෙල්ලේ ආප්ප

➖➖➖➖➖➖➖➖➖❤️➖


බීවත් බේදාගෙන හවුලේ කිරි              කෝප්ප

විනා වයා සැනසුනි සයනෙන් පැන          තාප්ප

බාලා අහවරයි වස්තුවෙ අද සිට              ආප්ප

මින් පසු කෑම පොල්ලෙනි දඩ                    රීප්ප


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 




.

කනට ගහන්නේ නැත්නම් අනාවැකියක් කියනවා


 කනට ගහන්නේ නැත්නම්

අනාවැකියක් කියනවා

➖➖➖➖➖➖😎➖


අලිබොරු නෙමේ රහසක් මම පවසන         වා

සෙනසුරු වසර තිහකින් කුම්බෙට එන        වා

කුණු හබ්බෙන් බැන්නත් මම ඉවසන           වා

මේ වගෙ තොපිට සංඛෙන් කිරි ඉතිරෙන       වා


- කාව්ව සිරෝමනී මාතලන් -


#කුප්පකවි 



.

සිරගත රණ හසුන්


 


සිරගත රණ හසුන්

➖➖➖➖➖➖🟥


හිර කර හැඟුම් හැකි වෙද නිති        සැනසෙන්න

මුර කර තබා සළු පිලි ඇඳ                    වලකන්න

කිරි සයුරේ පෙම් කෙලිමින්                     පිහිනන්න

තිර පට විවර කරලනු මැන                  ඉඟිලෙන්න


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 



.

Happy Womens Day


 Happy Womens Day

➖➖➖➖➖💜️➖


රන් කඳ සුදූ වස්තුව ඩාර්ලින් මගේ            පනේ

කොච්චර සැලකුවත් මුන්ගේ බර බරේ       වනේ

පැතුමක් එක් කරමු අද ලළනාවන්ගේ         දිනේ

මුල් තැන හැම විටම ඔහෙලා ගන්න           අනේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

ඩියර් සනුක...




 ඩියර් සනුක.....

➖➖➖➖🔴➖


වැඩි නෑ දෙකක් කෙරුමට හැකි නම්         මෙල්ල

විඳ ගයි වගේ රැල් ලත් වා ගෙම                  වැල්ල

රැලි වැලි වගේ නෑ ගහලා යයි                    බෙල්ල

බේරා ගනින් සුදු මල්ලියෙ උඹෙ                    වල්ල


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 



.

සමනල රෑනක් සේ.. අනන්ත හැඟුම් මැවේ


 සමනල රෑනක් සේ

අනන්ත හැඟුම් මැවේ

➖➖➖➖➖➖➖⭕➖


අකමැති කව්ද හද පිරි "ගී" විඳ.............ගන්න

සමනලු ඇවිත් ඒ "ගී" විඳ සැත...........පෙන්න

මට හරි හිතයි උන් සේරම අල්.............ලන්න

එන්නට එපා කව්රුත් දැන් පොර.........කන්න


©® කාව්ය සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

අන්ඩර් කොරන්ටයින්

 



අන්ඩර් කොරන්ටයින්

➖➖➖➖➖➖⭕➖


නෙලලා හතර අත ඇවිදින් ඔන් ද........... ලයින්

කරලා මීඩියා පොරගෙත් අල්ල .................වයින්

යවලා සම-හරක් රෙදි  වී වැලන්..............ටයින්

ඇඳලා එයින් ෂෝටක්  දැන් කොරන්.........ටයින්


©® කාව්ය සිරෝමනී මාතලන්


#කුප්පකවි 

ආප්ප කඩේ


 ආප්ප කඩේ

➖➖➖⭕➖


වැලි කෙලියේ පටන් අපි දැඟලුවා........... මඩේ

ආප්ප මයි කෑ වේ බෝ ඩිමේ..................... නඩේ

පොර කති හංසයෝ ඉඳ හිට බදි නවා..... වඩේ

අද දින පටන් මම නෑ ඒ හොපර්ස්........... කඩේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි

ෆුට්බෝල්

 



ෆුට්බෝල්

➖➖⭕➖


පොඩි උන් දැන් හැදෙන කමකට නැහැ රා...ලේ

දැක්කත් නොදැක්කා වගෙ ගියෙ ඒ කා........ලේ

කර ගන්නට නොදී මහ උන් දෙන්නගෙ ආ...ලේ

ගහනවා පුට් බෝල් උගෙ අප්පගෙ බෝ.......ලේ


©® කාව්ය සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

දොරට අසු වීම

 



දොරට අසු වීම

➖➖➖➖⭕➖


කැඩපත තුලින් ඇඳි වත පෙනුනත් හැඩ......ට

අසු වී තිබේ පිටිපස්සෙන් එය දොර ..............ට

දැක්කොත් රට්ටු හිනැහෙයි නේදෝ අප.........ට

අමතක නොකර දන්වත් ඇඳපන් යට............ට


©® කාව්‍ය සිරෝමනී මාතලන්


#කුප්පකවි


.

හැදියාව




හැදියාව 

➖➖➖⭕


 සරම් පොටෙන් අදින්නෙපා අමුඩෙ මගේ පෙනෙන්නේ....

අමුඩ පොටෙන් අදින්නෙපා නම්බුව බොගෙ කැඩෙන්නේ...

ඕකට උඹ නහින්නෙපා තව පොඩ්ඩක් නිවෙන්නේ...

හැමදාමත් ඔච්චම් නෑ.. රෑටයි තරු පෙනෙන්නේ....


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

පොල් ලෙලි ගැසීම

 



පොල් ලෙලි ගැසීම

➖➖➖➖➖⭕➖


අඟනුන් පතන මුත් සිරි යහනෙදි සුව     සහණ

සිහිණය සුනුව යයි අසු පිට යමු කී          සැනින

පොල්උල කෙලින් කර ලෙලි ටික ඉවතට   දමන

නිවැරදි ක්‍රමය මෙය වේ පොල් ලෙලි         ගහන


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

.

දෙනු බැරිය ඉඩ, කෙටුවත් හසුන් තුඩ

 



දෙනු බැරිය ඉඩ

කෙටුවත් හසුන් තුඩ

➖➖➖➖➖➖⭕➖


හිරු දුව කියයි ඇති බව අප ගෙල....... මිරිකා

රනිලුන් රකී පොලිසිය ඇය එනු........... වලකා

හංසයෝ ඉගිල යන්නට දඟලති....... පොරකා

කනවා ගෑණිගෙන් අද නැව් ගුටි........... මේකා


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

තාප්පේ වැටෙයි බාප්පේ




තාප්පේ වැටෙයි බාප්පේ

➖➖➖➖➖➖➖⭕➖


වැටනෙට නොදී අල්ලාගෙන ...........තාප්පේ

සටනට රෙඩී දැන් මේ සුදූ ..................පීප්පේ

හනිකට එමී අරගෙන මගෙ.............. රීප්පේ

විජහට දියන් ඇඩ්‍රස් එක.................. බාප්පේ


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි

පතිදම් සුරකිමු




 පතිදම් සුරකිමු

➖➖➖➖➖


පතිදම් රකිනවලු වැදුනත් මංගල........... සීණූ

ලද අවසරෙන් වරදෙහි බැදුනලු............. රේණූ

ඔච්චම් කරත් විලියෙන් රතු වෙයි........... මූණූ

බලපිය කොයි තරම් වන චරදෝ............ ගෑණූ


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

වට් අක්කා

 



වට් අක්කා

➖➖⭕➖

.

Janaka Edirisinghe මහතාගේ කවිය..

-----------------------------------------------------------


කලු පොල් දමා ගත්විට ඔය වට්ටක්......... කා

කාගෙන යන්න පුලුවනි කිරි හොදි එක්....  කා

කාලා ඉවර උන පසු රස වට්ටක්...............  කා 

හැන්දේ ඉඳුල් ගෑවී ඇති බව දැක්.............. කා


මාතලන්ගේ පිළිතුරු කවිය..

---------------------------------------------


ගෑවී ඉඳුල් ඇති බව දැක්කත් උඹ බොක්... කා

දැන ගන් ඒ ඉඳුල් නොව හෙන ගඳ කක්.... කා


#කුප්පකවි 

.

මිනිසුන් උඩ වැඩ



 මිනිසුන් උඩ වැඩ

➖➖➖➖➖😁


ගෑණු නිතරම ඉන්නේ යටමයි සීලීමේ හිල් ගනි........... මිනී

ඔහොම හැමදා ඉඳලා කුමටෙයි පදිමු අස්සයා පද්...... මිනී

ගෑණූ ඉහළට නගින තරමට රාග ගිනි තව දැල්........... වුනී

පිරිමි ඔක්කොම කැමති ඒකට ඔයා දන්නෑ රුක්......... මණී


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

First Kiss


First Kiss

➖➖➖❤️

 

මින්දද හී සරෙත් ඔහොමලු ඇත කව්......... ගී

රිදුනද කරන්ට් එක වැදුනම සුදු නං...........  ගී

මන්මද ලෙසින් ගෙයි දොර මුල්ලක හැං....  ගී

තෙමුනද  කියා බැලුවලු කෙල් ලගෙ ජං.....  ගී


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

.

ඉස්පා වලින් එලවනවලු සුදු කෙල්ලෝ



ඉස්පා වලින් එලවනවලු සුදු කෙල්ලෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖

 

කිපි  එලවලා මැද මුල අයියා හා.......... මල්ලෝ

තොපි හැම අරන් ආවා ලෙව කන..... ලොල්ලෝ

හැපි එන්ඩින් ඉවරයි දැන් ඒවයෙ නෑ කෙල්ලෝ

අපි යමු ඒඩ්ස් හදා ගන්නට ගහලා ..කොල්ලෝ


- කාව්ව සිරෝමනී මාතලන් - 


#කුප්පකවි 

.

සප්‍රයිස් කොමඩීස්


 සප්‍රයිස් කොමඩීස්

➖➖➖➖➖❤️


සම්බල රහයි වැටුනම දෙහි සහ............. ළූනූ

සප්‍රයිස් කරයි ලොවටම හඬවා .................සීණූ

දන්නෙම නෑ වගේ බැලුවම පේනවා .........මූණූ

හැමිනෙන කොටත් නිදියයි මේ වගෙ  .....ගෑණූ


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

අම්මපා ආදරෙයි අමා



අම්මපා ආදරෙයි අමා

➖➖➖➖➖➖⭕➖


එක එක එවුන් එයි වැළඳුන විටදි....... කොමා

උපදේශන මනෝ මුන්ගේ රෙද්ද.............. තමා

වරුවක් යනකල්ම කාමරයේ අගුළු........ දමා

මොනවැයි කරේ කොල්ලන් හා කියනු ....අමා


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

සම්මා Hug



 සම්මා Hug

🙏➖➖➖


නුඹ දුන් මග් එකෙන් මම බොද්දී...... වතුර

හග් එක මතක් වී නුඹ සිහි වේ .........නිතර

තැන්නේ බලාගෙන සිහි වූවොත් .......කුඹුර

වක්කඩ කඩාගෙන තෙත් වී යයි....... සිවුර


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි