Difference between civil war and terrorism 

වෙනස: ප්‍රධාන වෙනස පවතින්නේ ගැටුමේ පරිමාණය සහ ස්වභාවය තුළ ය. සිවිල් යුද්ධය යනු රටක් තුළ කණ්ඩායම් අතර සිදුවන මහා පරිමාණ සන්නද්ධ ගැටුමක් වන අතර ත්‍රස්තවාදය යනු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම වන අතර එය බොහෝ විට සිවිල් වැසියන් ඉලක්ක කරයි. 



  • පාරවල් ඇරියා
  • හමුදා කඳවුරු අයින් කළා
  • මහින්දගෙ ගාඩ් එක ගැලෙව්වා
  • මහින්දට ගෙදරින් යන්න කිව්වා
  • හමුදාව අයින් කරනවා කිව්වා
  • ප්‍රහාරක යානා කඩාගෙන වැටෙනවා
  • පාස්කු ප්‍රහාරය ගැන වෝනින් ලෙටර්ස් මේසේ උඩ තියෙද්දී බිබි ඇවිදපු එකෙක් මහජන ආරක්ෂක ලේකම්
  • වළං හෝදපු දේශපාලන හෙන්චයියයෙක් නිළ නොවන පොලිස්පති
  • අල් ජසිරා හරහා බටලන්ද කොමිසම ඇදගෙන හමුදාව ජෙනසයිඩ් කරපු එක ඔප්පු කරලා කජු සීයටත් අරිනවා
  • පාතාලේ මැඩපු පොලිස්පති කූඩුවේ දානවා...
  • තිස්ස විහාරේ පූජාවෙන් හමුදාව එලවනවා 
  • මේවා ප්‍රභාකරන්වත් නොකරපු දේවල්
  • මේ ඔක්කොම තියෙද්දී චන්දයක් මැද්දෙ දළඳා ප්‍රදර්ශණ තියෙනවා බඩු මලු බෙදනවා
  • වහල්ලු මේ ඔක්කොම යට ගහන්න තිලකවර්ධන එකේ පෝලිම පෙන්නනවා.


 ඒකපාර්ශවික සම්බාදක සහ ද්වී පාර්ශවික සම්බාදක.....

******

බ්‍රිතාන්‍ය රජය ලංකාවේ හමුදා නිලදාරීන් පිරිසක් ඇතුලු තවත් අයෙක්ට ඇත්තටම පනවලා තියෙන්නෙ ඒකපාර්ශවීය සම්බාදකයක්ද.?

එතකොට ද්වී පාරශවීය සම්බාදක කියලා ජාතියක් ලෝකෙ තියෙනවද? "ඔව් පැහැදිලිවම තියනවා"

ඒක තේරෙන්න පොඩි උදාහරනයකින් පැහැදිලි කලොත් මෙහෙමයි.

කිසියම් පුද්ගලයෙක්ව බලහත්කාරයෙන්, හපුතලේ බෙරගල කුමාර් දේවපුරට අයිතිවෙලා තිබුන සමර් ෆැෂන් කියන ඇගලුම් කම්හල ගිණි තියපුවාම, ඒකේ අටවපු හමුදා වදකාගාරයට අරන් ගියා කියලා හිතන්න.

එතකොට ඒ අරන්ගිය පුද්ගලයට ඉබේම සම්බාදක වැටෙනවා. ඔහුට ඒ වදකාගාරයෙන් එළියට යන්න බෑ. තමන් කැමති කෑමක් බීමක් කන්න බෑ. වදකයො දෙන ඒවා කන්න ඕන. තමන්ට ඕන ඇදුමක් අදින්න බෑ. ඇස් බැදලා වදකයො පහර දෙනවා. ඒ වදකාගාරයට අරන් ගිය පුද්ගලයා ජීවත් වෙනවද නැත්ද කියන එකේ තීරණය තියෙන්නෙත් වදකයො අතේ.
අන්න ඒ වගේ අවස්තාවක් "ඒක පාර්ශවීය සම්බාදක"
අවස්තාවක්. හරියට බ්‍රිතාන්‍ය සම්බාදක වගේ.

එතකොට ඒ වද බන්දනයට ලක්වෙන කෙනා වදකයන්ට පොරොන්දු වෙනවා තමන්ගෙ සටන් සගයන් පාවලා දෙනවා කියලා. එහෙම කලොත් කිසිම කරදරයක් වද බන්දනයට ලක්වෙන කෙනාට වෙන්නෙ නෑ කියලා වදකයොත් පොරොන්දු වෙනවා. දෙගොල්ලොම අයියා මල්ලී වගේ කියලා එක මතයකට එනවා.

එතකොට දෙපාර්ශවය අන්නෝන්‍ය එකගතාවයකින් වදබන්දනයට ලක්වෙන කෙනාව පිටස්තරයන්ට අදුනගන්න බැරිවෙන්න උඩුකයට ගෝනියක් දාලා ආවරනය කරනවා. ඒ පාවාදෙන්නට ගෝනිබිල්ලා සහෝදරයා කියලා කියන්නෙ.

එතකොට වදබන්දනයට ලක්වෙන කෙනා තමන් ඉදිරියෙන් ගමන් කරවන්න සලස්වන සාමාන්‍ය මිනිස්සු අතරින් තමන් එක්ක "විමුක්ති සටනට" පොඩියට හෝ සම්බන්ද අය ඉන්නවා නම් ඔලුව වනලා පාවලා දෙන්න ඕන. කතා කරන්නවත් ඕන නෑ. මොකද පිටස්තරයො කට හඩින් අදුනගන්න නිසා. ඒක තමයි එකඟතාවය.

හැබැයි ඒත් වදබන්දනයට ලක්වෙන කෙනා ඉන්න ඕන වදකයන් බාරයේ. වදකයො ඔහුට කිසිම කරදරයක් නොකලත් තමන්ට රිසි පරිදි ජීවත්වෙන්න බෑ. ඒකත් එක්තරා සම්බාදක අවස්තාවක්.

අන්න ඒ වගේ සම්බාදක අවස්තාවක් අපි හදුන්වන්නෙ
"ද්වීපාරශවීය සම්බාදක" අවස්තාවක් නමින්. ඒ අනුව පැහැදිලිවම මේ බ්‍රිතාන්‍ය රජය ඩයස්පෝරාව සතුටු කරන්න ඇති කල මේ අවස්තාව "ඒක පාර්ශවීය සම්බාදක" අවස්තාවක්.

දොර දෙකේ සැම්සුන් වොෂින් මැසිමකින් සෝදා පිරිසිදු කලේ

-හිරන්ත හේරත්-

No comments:

Post a Comment