සුභ නව වසරක් වේවා


ආතල් පිරි වසරක් වේවා

මේ අයට බැනලා වැඩක් නෑ.....

පරිපාලන නිලධාරියෙක් වශයෙන් අනුරාධපුරයේ සේවයට ගිය විමලරත්න කුමාරගමයන් එම දුෂ්කර ප්‍රදේශ වල ජිවත්වන අහිංසක මිනිසුන්ගේ ඇදහිලි හා විශ්වාස දෙස සානුකම්පිතව බලා තමන් එවා විශ්වාස නොකරත් එවාට ගැරහීමෙන් වැලකීමට වග බලාගත්තේය.

සන්හිඳ ළග බාරයට කිරි ඉතිරී                     ම
කෙම්මුර දවස්වල පානින් සැරසී                  ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී                ම
මා නොකෙරැවත් නොකෙළෙමි එය ගැරහී   ම

ඔහුගේ අයියනායක 


⭕ හරිනිත් අඩු කුලේද?

කතා තුන
1. කෝට්ටේ සනත් නිසාන්තගේ කාලකන්නි කතාව
2. ලාල් අයියගේ ගුණයන් අයියගේ කාමරයේ කතාව
3. නිර්මාල් රංජිත් දේවසරගේ ජවිපෙපෙ විවේචනය

⭕ ජනාධිපතිතුමාගේ අවුරුදු ගජබින්නය



⭕ අග්‍රාමාත්‍යතුමියගේ අලුත් අවුරුදු ගජබින්නය



⭕ අද මුලු රට සුභ නැකතට







ජයන්ත විජේසිංහ

සුර්ය බලශක්තිය මරණ සියඹලාපිටිය.

1) පෙබරවාරි 9 වන දින වඳුරෙක් නිසා බිඳ වැටුන විදුලි බලය සුර්ය බල පද්ධති නිසා වුනා යයි මතයක් ගොඩ නගා බොළඳ ඇමතිවරුන් මෝඩයා කිරීම.

2) විදුලි බල මණ්ඩලයේ පද්ධති ආරක්ෂණ ක්‍රම බිඳ වැටීම (වික්ටෝරියා) සඟවා සුර්ය බලයට සීමා පැනවීමට එය හේතුවක් කරගැනීම.

3) ඒ මත Inverter වලට සීමා පැනවීම සහ අලුත් පද්ධති සම්බන්ධ කිරීමට සීමා පැනවීම.

4) 2024 දී මෙගාවොට් 600ක් පද්ධතියට එකතු වූ හෙයින් සහ ඊට ඇති බියෙන් නෙට් ප්ලස් ප්ලස් නැවත්වීම.

5) ඩීසල් විදුලිය LTL සමාගමෙන් රුපියල් 73 ලබාගත්දී පළමුව සුර්ය බල විදුලිය රුපියල් 37 සිට 27 දක්වා ගෙන ඒමත්, ආපසුව දැන් නැවතත්, රුපියල් 14.46 දක්වා අඩුකිරීමට යෝජනා කිරීම.

6) පසුගිය වසරේදී පමණක්, රොහාන් සෙනෙවිරත්න සාමාන්‍යාධිකාරීව සිටියදී මිලියන ගණන් වැයකොට ටෙන්ඩර් කොට  විදුලි බල මණ්ඩලය ට්‍රාන්ස්ෆොර්මර් 7000 ක් සුර්ය බලය සම්බන්ධ කිරීම අවහිර කිරීම.

කෙසේ වෙතත් එක කිලෝ වොට් එකක් හෝ පද්ධතියට සම්බන්ධ කිරීම නොකළ ට්‍රාන්ස්ෆොර්මල් දහස් ගණනක් තවමත් පවතීම්, සහ එයම පධතියට සුර්ය විදුලිය එක කිරීමට හැකියාව ඇති බව ඔප්පු වීම.

7)මෙගා වොට් 120 ක නව ඉන්දියානු පද්ධතියක් ජාලයට ඉන්දියානු අගමැතිවරයා විසින් එක කරේ නම්, කිලෝවොට් 1 සිට 20 දක්වා වැනි කුඩා පද්ධති සම්බන්ධ කිරීමට නොහැක්කේ මන්ද යන්න.

8) RMA energy ආයතනයේ විදුලි උපදේශන සමාගමේ අධ්‍යක්ෂවරයා වන සියඹලාපිටිය නොරොච්චෝලේ සහ යෝජිත සාම්පුර් යන ගල් අඟුරු බලාගාර වල පමණක් නොවේ, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයෙකු ලෙසත් කටයුතු කිරීම එමගින් නයදෙන්නා සහ නය ලබාගන්නා ආයතනයේත් උපදේශකයා ලෙස කටයුතු කරතිබීම.

9) සුර්ය විදුලි සමාගම් 1080 ක් මෙකී මිල අඩුකිරීම් සහ සීමා කිරීම් මත දැඩි අර්බුධයකට පත්වීම සහ එමගින් රැකියා ලක්ෂකට අධික ප්‍රමාණයක් අනතුරට පත්ව තිබීම.

10) කිලෝවොට් එකේ සිට කිලෝ වොට් 50 දක්වා වහල මත විදුලි බල පද්ධති සම්බන්ධතා ඉල්ලීම් දහස් ගණනක් විදුලි බල මණ්ඩලය මේ වන විට ප්‍රතික්ෂේප කර තිබීම. එමගින් අවම වශයෙන් මෙගාවොට් 100ක පමණ පුනර්ජනනීය බලයක් පද්ධතිය මේ වන විටත් අහිමිව තිබීම.

11) අද වන විට පිරටින් ඩොලර් යවා ගෙන්වන LNG බලාගාරයෙන් ඩීසල් විදුලිය ඒකකයට රුපියල් 73කට ආසන්න මුදලකට (රුපියල් 43 ක් ද්‍රව වායු විදුලියට)  ලබාගැනීම. (පුනර්ජනීය වැඩ සුදුසුම සුරුය විදුලිය රුපියල් 14-20 ක් දක්වා අඩුකරන අතරතුර)

12) වහල මත විදුලිය වෙනුවට කැලෑ එළිකර සිදුකරන විශාල සමාගම් වල මහාපරිමාණ භුමිය මත වන විදුලි බලාගාර වලට (කොමිස් කුට්ටි මත) පමණක් අවශ්‍ය .පහසුකම් සැලසීම.

(කෙසේ නමුත් ඒවා වසර ගණන් ගතවන ව්‍යාපෘති සහ සමහර ව්‍යාපෘති අවසානයේ කැලෑ එලිකිරීමෙන් එහාට නොයාම සහ මෙකී සමාගම් බොහෝ දුරට විදේශ සමාගම් වීම සහ  විදුලිය ඩොලර්  වලින් මිලදී ගැනීම.

13 අප්‍රේල් 10 වෙනිදා සිට 20 වනදා දක්වා කිලෝ වොට් 100ට වැඩි බලාගාර සියල්ල වසා දැමීමට විදුලි බල මණ්ඩලය තීරණය කිරීම.

14) මෙමගින් ආසනන් වශයෙන් රුපියල් මිලියන 600 ක පාඩුවක් prosumers ලාට සිදුවීම.

15) සොබාදනවී සහ දැනට යෝජිත සුර්ය විදුලි ව්‍යාපෘති සියල්ල අනුමත කර ක්රියාත්ම කරේ නම්, දැඩි වර්ෂා සමයන්හීදී නොරොච්චෝලේ සම්පුර්ණයෙන් වසා දමා ලංකාවේ විදුලි පද්ධතිය පවත්වාගැනීමේ සම්පුර්ණ හැකියාව තිබීම.

No comments:

Post a Comment