සිඳුවීම් මුලින්ම ඛේදවාචකයක් ලෙසද.... ඉන්පසුව ප්‍රහසනයක් ලෙසද සිදුවේ..... හැබැයි දැන් ඒකට අලුත් කෑල්ලක් එකතු කරන්න වෙලා තියෙනවා....


ඒ තමා.... සිදුවීම් මුලින්ම ඛේදවාචකයක් ලෙසද.... ඉන් පසුව ප්‍රාසනයක් ලෙසද..... එයා ආදායම් උපදවන ඉල්ලමක් ලෙසද ක්‍රියාත්මක වේ.....

රන්ජන් හා කරන දුරකථන සංවාදයේදී කියනා පොල් බූරුව කතාව....

කරුණාකරලා රටේ ජනාධිපතිතුමා දෙරණ චැනල් 24 එකේ මහාචාර්ය රොහාන් ගුණරත්නයන් සමග ඉන්දීවරී අමුවත්ත කරපු සම්මුඛ සාකච්ඡාව හොයාගෙන බලන්න....

ජනාධිපති කෙනෙක් වුනාම දිරච්චල ලනුකන්න එපා...... ජනාධිපති ධූරයේ ෆේල් වෙන්න ප්‍රධාන හේතුව ඒකයි.... ගෝඨාට වුණේ ඒ දේ.... හැම දෙයක් ගැනම තම නැණ පමණින් සොයා බලා නිවැරදිම තීරණය ගන්න එක කෝකටත් හොඳයි.... management කියන්නේ ඒකයි... නැතුව එක එකා දෙන ලණු කන එක නෙමෙයි.....

මුලින්ම මලල්ගොඩ කමිටුව කියලා එකක් සිරිසේන දැම්මා

ඊළඟට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දැම්මා
ඒකෙ දොස්තර නලින්ද ජයතිස්සත් හිටියා

ඊට පස්සේ විශේෂ ධනාධිපති කොමිසමක් දැම්මා
කාදිනල් ඒක පිළිගත්තා.....





◦ Reports of the Commissions of Inquiries are being deposited at the National Archives in terms of Section 11 of the National Archives Law of No. 48 of 1978;
◦ Secretaries of the Commissions could have closed the reports of the Commissions of Inquiries for public inspection for a period of 30 years according to the provisions stipulated in the 2nd Order published in the Government Gazette issued on 15th December 1978 as provided by the Section 16 (d) of the National Archives Law of No. 48 of 1978. 
◦ Written approval of the Secretary to H.E. the President is needed for a member of the public to be given access to peruse and get a certified copy of any of the closed documents in such nature as provided by the provisions stipulated in the Order published in the Government Gazette issued by 01st February 1980 issued in terms of the Section 16 (d) of the National Archives Law of No. 48 of 1978.

⭕⭕⭕⭕⭕⭕⭕


ඔන්න අපි අද ලස්සනම ලස්සන ජන කතාවක්  කතාවක් චුටි දුවල පුතාලා වෙනුවෙන් ම අරගෙන  ආවා.

අද කතාවේ නම තමයි " කැකිල්ලේ රජ්ජුරුවෝ "

-----------------------------------------------------------------

එක්තරා කාලයක "කැකිල්ලේ" කියලා රජ කෙනෙක් රට පාලනය කළා. මෝඩ නඩු තින්දු දීම ගැන කැකිල්ලේ රජු හොඳටම ප්‍රසිද්ධයි.

එක දවසක් තමන්ගේ ගෙය කඩා වැටුණු ගැහැණු කෙනෙක් ගේ හදපු අයට විරුද්ධව රජුට පැමිණිලි කළා. රජු ගේ හදාපු අයව ගෙන්වලා නිදහසට කරුණු ඇහැවා.

"දේවයන් වහන්ස, මම තමයි මේ ගේ හැදුවේ. ඒත් ගේ කඩා වැටුණේ බදාම අනාපු අයගේ වරද නිසා. බදාමට වතුර වැඩිවෙලා තිබෙනවා". කැකිල්ලේ රජු ගේ හදපු අය නිදහස් කරලා බදාම අනාපු ගෝලයව අධිකරණයට කැඳවලා නිදහසට කරුණු ඇහැවා.

"දේවයන් වහන්ස, බදාම අනන්න වතුර ගෙනා කළගෙඩියේ කට හරිම විශාලයි. ඒ නිසා බදාම ගොඩට වතුර වැඩි වුණා. මේට වන්දි ගෙවන්න ඕනෑ කළය හදපු මිනිහා තමයි". රඡු කළය හදපු අය වහාම අධිකරණයට කැඳවා.

" තමන් මේ කළයේ කට ලොකුවට හදපු නිසා ලොකු කරදරයක් වෙලා තියෙනවා.ඒ නිසා මේකට තමුන් වන්දි ගෙවන්න ඕන්නේ". රජු ඔහුට කිව්වා. "අනේ දේවයන් වහන්ස,මම ඔය කළය හදනකොට ලස්සන කාන්තාවක් පාරේ ගියා. මම ඇය දිහා බලාගෙන කළය හදද්දී කළයේ කට ලොකු වුණා.ඒ නිසා මේකට වැරදිකාරිය ඇයයි".

රජු ඒ කාන්තාව ගෙන්නලා නිදහසට කරුණු ඇහැවා. "රජතුමනි, නගරයේ රන් බඩු සාදන්නා මගෙන් මුදල් අරන් කරාබු දෙකක් හදා දෙන්නේ නැතිව මඟ ඇරියා. ඒ නිසා ඒ රන්කරුවා හොයාගන්න තමයි මම ගියේ. මේකට වැරදිකාරයා රන්කරුවයි". "ඇත්ත තමයි රාජපුරුෂයිනි, රන්කරුවා වහාම රැගෙන එන්න". රජු අණ කළා.

රන්කරුවා බොහොම බැගෑපත්ව රජු ඉදිරියට ආවා. "දේවයන් වහන්ස, මම මේ සියල්ලටම වැරදිකරුවා තමයි. ඒ නිසා ඔබ වහන්සේ දෙන ඕනෑම දඬුවමක් විඳින්න මම ලෑස්තියි". කියලා රන්කරුවා මහ හයියෙන් විලාප දිදී ඇඩුවා.

"තමා අඬන්නේ ඇයි?" රජු රන්කරුවාගෙන් ඇහුවා. "ඔබ වහන්සේ මාව මඟුල් ඇතා ලවා මරවන්න නියම කරාවි. එතකොට මඟුල් ඇතා මගේ කෙට්ටු ශරීරයට උගේ ලස්සන දළ දෙකෙන් අනීවි. ඒ දළ දෙක මගේ ශරීරය පසාරු කරගෙන ගිහින් බිම ඇනිලා කැඩිලා යාවි. ඒ නිසා උපන් දුකට මම අඬනවා."

"ඔව්... ඔව්...... රන්කරුවා කියන කතාවත් ඇත්ත. රාඡපුරුෂයනි, මඟුල් ඇතා ලවා මැරවීමට සුදුසු හොඳට තරබාරු මිනිහෙක් රැගෙන එන්න". රාජපුරුෂයෝ රජු කිව්ව විදිහට නගරයේ හිටිය මහත මිනිහෙක් අල්ලාගෙන ඇවිත් මඟුල් ඇතා ලවා අන්නවා මැරෙව්වා. ඒ මිනිහා මේ කිසිවකට සම්බන්ධ නෑ. මේ ඔක්කොම වුණේ ගෙයි බිත්තියක් කඩා වැටිච්ච එකට වැරදිකාරයා හොයන්න ගිහිනුයි. අපුරු තීන්දුව නේද?

⭕⭕⭕⭕⭕⭕⭕⭕

ප්‍රහාරයක් සිදුවන බවට vvip ලාට පොලිස්පති මගින් දැනුම් දෙනවා... ඒ අනුව සියලුම තානාපති කාර්යාලවලටත් දැනුම්් දෙනවා ... ලංකාවේ වතුිකානුව නියෝජනය කරන තානාපති කාර්යවරයකුත් තිබෙනවා... එතකොට ඔවුන්ට මේ පණිවිඩය ලැබුණේ නැද්ද?.... ලැබුනා නම් ඒ ගැන නිහඬව සිටීම වරදක් නොවේද?

⭕⭕⭕⭕⭕⭕⭕⭕

පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ සිද්ධීන් පිළිබඳව විග්‍රහයක්......








⭕⭕⭕⭕⭕⭕⭕

බෝම්බය පිපුරුණයින් පස්සේ හේමසිරි ෆනැන්ඩු කිව්වෙ මොකක්ද?
FBI නෙමෙයි interpool එකේ ලොක්කා ඇවිල්ලා රවීට ශානිට thank you කියලා ගියා...

සාධාරණ පරීක්ෂණයක් සිදු වෙන්නට නම්... බෝම්බ පුපුරන අවස්ථාවේදී පොලිසිය හා ආරක්ෂක අංශවල ඒ මොහොතේ වග කිව යුතු නිලතල දැරූ කිසිවකුත් එම පරීක්ෂණ සඳහා සහභාගී කරවා ගැනීම අර කලින් කිව්වා වගේ කැකිල්ලේ තීන්දුවකි.....

දැන් හැම එකාම බලන්නේ වගකීම් වලින් ගැලවී බබාලා වෙන්නටය.... මොළේ දැවිල්ල හැදෙන්නේ අබ කෑ එවුන්ටය....

මේක ඕන හැටිය වලක්ව ගන්න තිබුණා පොලිස්පති වගේම බෝම්බ පිපුරපු පැතිවල හිටපු ඔක්කෝම පොලිසියමේකට වග කියන්න ඕනේ

රෝඩ් බැරියස් දාන්න තිබුණා
අද දෙනවා වගේ හෝටල් වලට සහ පල්ලිවලට සම්පූර්ණ ආරක්ෂාවක් දෙන්න තිබුණා

⭕⭕⭕⭕⭕⭕⭕⭕

පොළොන්නරුවේදී පැවති ජන රැලියක් අමතමින් ඔහු පැවසුවේ අදාල වාර්තාව ඉතා හොඳින් අධ්‍යයනය කොට පරීක්ෂණ සඳහා යොදාගන්නා ලෙස තමා දැනුම් දුන් බවය.

“2019 පාස්කු ඉරිදා බලය ලබා ගැනීමේ අරමුණින් මේ රටේ විශාලම ඛේදවාචකය සිදුවුණා.2019 අප්‍රේල් මාසයේ සිට 2024 වසරේ සැප්තැම්බර් දක්වා පරීක්ෂණවල අරමුණ වී තිබුණේ සැබෑ සැලසුම්කරුවන් යටපත් කිරීමයි.ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණේ සැබෑ වග උත්තරකරුවන් සැඟවීමයි.අප බලය ලබාගෙන මාස හයක් ගතවී තිබෙනවා .අප ඉතා නිරවුල්ව පියවරෙන් පියවර පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා තිබෙනවා. එමෙන්ම ඉදිරියටත් ගනිමින් තිබෙනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවක් පැමිණියා.එහි වාර්තා සමාජයට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කලේ නෑ. සමහර කොමිෂන් වාර්තා කොටස් සඟවා තිබුණා.අද පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලු සැඟවූ ලේඛන පවා විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යැව්වා.හොඳට කියවා විමර්ශනයක් කරන ලෙස මා පැවසුවා.

🔶🔶🔶🔶🔶 හරි විදිහට නම් ඒක යවන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුවට... මොකද එතනින් තමයි නඩු පවරන්න අවශ්‍ය සාක්‍ය සපයන්න කියලා.... පොලිස්පතිගෙන් ඉල්ලීමක් කරන්න

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

ගෝඨාභය මේක හැමෝටම දුන්නා.... ඊට පස්සේ ඒකෙ කෑලි නෑ කියලා ඇඬුවා....

ඒ පාර රනිල් බලයට ආවායින් පස්සේ සම්පූර්ණ වාර්තාව ජාතික රදගුරු සම්මේලනය සභාපති , කුරුණෑගල රදගුරු හැරඩ් ඇන්තිනි ට රනිල් පාස්කු සම්පූර්ණ වාර්තාව ලබා දුන්නා..

⭕⭕⭕⭕⭕⭕⭕⭕

දැන් උපරිම ට්‍රයි එක දෙන්නේ තුළ ඉන්න අයිසිස්කාරයෝ ටික එළියට අරගෙන මේක රාජපක්ෂලගේ ඇඟේ ගහලා බේරෙන්න... හැබැයි ඒක කරන්න බෑ... බොරු සාක්කි හදන එක ලේසි නෑ.....

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට... ජන මාධ්‍ය වලට... රන්ජන් රාමනායකට.... ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට දීපු කට උත්තර දැන් වෙනස් කරන්න බෑ....

දැන් ශුක්‍රාණුකා රිලව් වගේ හොල්මොරොන්දන් වෙලා

⭕⭕⭕⭕⭕⭕⭕⭕

අයිස් වලින් ටැබිල් ඩයස්පෝරාවෙන් යැපෙන එක එක රටවල දේශපාලන රැකවරණය ලබාගෙන ඉන්න උන් දැන් පල් හෑලි ලියනවා... youtube වලට voice card දෙනවා... මේ ඔක්කොම අසාත් මවුලානා වගේම සල්ලි වලට සුරංගනා කතා කියන හිඟන්නෝ...

ඔය හැම එකාටම හමුදාව ඇලජික්.... යුද ජයග්‍රහණය ඇලජික්.... ඕකුන් තමයි හමුදාවේ අයට අට පාස් ගොබ්බයෝ කියල නක්කලේේ දාන්නේ....

ඉතින් ඒකටත් හේතුවක් තියෙනව.... ඇයි ඉතින් යුද්දෙ දෙන්නයි කියන හමුදාපතිමා හමුදාව පාවාලා දුන්නනේ......

පාර්ලිමේන්තුවේ චොප්පෙට අපේ රණවිරුවන්ට තහංචි පන්නපු එක අදාල නෑ.... හොර එකසිය ගානට අඬා වැළපෙන්නේ... මැරිච්ච ත්‍රස්තවාදීන් ගැන... ත්‍රස්තවාදියෙක් ත්‍රස්තවාදීන් ගැන හඬා වැළපෙනවා ඇර.... සිවිල් වැසියන් ගැන හඬා වැලපෙන්නෙ නෑ නේ......

⭕⭕⭕⭕⭕⭕⭕⭕

සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කියන්නෙ පුදුම මනුස්සයෙක්. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් කියන විදියට පිල්ලෙයාන් තමයි 1987 දි අරන්තලාව භික්ෂු ඝාතනය කරල තියෙන්නෙ. එතකොට එයාට වයස 13 යි.

අවුරුදු තුනකට පස්සෙ, -මේ ක්‍රියාව ගැන ආරංචි වෙලාද දන්නෙ නෑ- 1990 අප්‍රේල් වල එවකට නැගෙනහිර නායක කරුණා අම්මාන් විසින් පිල්ලෙයාන් එල්ටීටීඊ එකට බන්දගෙන තියෙනව. එතකොට පිල්ලෙයාන්ට වයස අවුරුදු 16 යි. ඒ කියන්නෙ ළමා සොල්දාදුවෙක්. එයින් මාස දෙකක් යන කොට පිල්ලෙයාන්ව යවලා තියෙනව යටත් වෙච්ච පොලිස් නිලධාරීන් 700 ක් ඝාතනය කරන්න.

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

මේක වවාගෙන කෑමේ ඉල්ලමක් කියල ඔප්පුු කරන්න අප්‍රේල් මාසේ 19 වැනිදා ගාඩියන් වෙබ් අවකාශයේ පලවන වාර්තාවක් මා උපුටා දක්වනවා....

ඒකට අනුව මිලියන 86 ක් missing.....




⭕⭕⭕⭕⭕⭕⭕⭕

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කොම්ෂන් වාර්තා සහ DO පන්නපු උන් හොයාගන්න බැරි අනුර කුමාර දිසානායක සහ සී අයිඩී එක මහමොලකරු හොයාගනී කියලා හිතන එකෙක් ඉන්නවනං ඌ පොල් බූරුවෙක් කියලා තමයි කියන්න තියෙන්නේ



No comments:

Post a Comment