ටික්කි ටිකිරි ටික්‍රිලියා
➖➖➖➖➖➖🔴
ටික්කි ටිකිරි ටිකිරි ලි යා
කළෙත් අරන් ළිඳට ගි යා
තන පට කුමකටද කි යා
ළිඳේ පැනලා නෑවා එ යා
ළිඳ වටකර කබරගො යා
කොර වී සිහි නැතිව ගි යා
ඇස් නැති දිග දියබරි යා
පස් නැති ගුල තුලට ගි යා
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
ටික්කි ටිකිරි ටික්‍රිලියා
➖➖➖➖➖➖🔴
ටික්කි ටිකිරි ටිකිරි ලි යා
කළෙත් අරන් ළිඳට ගි යා
තන පට කුමකටද කි යා
ළිඳේ පැනලා නෑවා එ යා
ළිඳ වටකර කබරගො යා
කොර වී සිහි නැතිව ගි යා
ඇස් නැති දිග දියබරි යා
පස් නැති ගුල තුලට ගි යා
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
වැට පැනීම
➖➖➖❤️
කොල්ලෝ මතක් විය පෙර කළ වැට පැන්න
නැග්ගොත් උඹ දිණුම් බඩ ගා ගෙන ඔන්න
තහනම් ගහේ ගෙඩි රස කර කර වළ ඳන්න
පැනපන් සුදු නගේ මම ඉන්නවා බා ගන්න
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
කොංගෝ වනයේ ගොළුබෙල්ලෝ
➖➖➖➖➖➖➖➖ 🐌 🐌🐌➖
කොල්ලෝ සොයති මුතු පලලා සුදු බෙල්ලෝ
එබැවින් රකී මුතු ඇට පන මෙන් කෙල්ලෝ
තෙත ගල් මතත් රැදි වනචර කූ ඩැල්ලෝ
ලිස්සා රඟයි කොංගෝ වනයේ ගොළු බෙල්ලෝ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
කියුකම්බර් වන්ඩර්
Cucumber Wonder
➖➖➖➖➖➖🔴
මොකටෙයි බලා නරි කොල්ලන්ගේ ගෙම්බර්
ඩිල්ඩෝ ටෙස්ට් ටියුබ් වම්බටු වල වන්ඩර්
හොරැහෙන් බලන විදියෙන් පේනවා නම්බර්
හැංගුවා නේද බොල ගෙඩියක් කියු කම්බර්
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
පිකප්, හැච්බැක් ඇන්ඩ්
ඔටෝ විත් බිග් ඩිකි
➖➖➖➖➖➖🔴
ගුඩ්ස් ඩිලිවරියට ගැල පෙන්නේ නම් ලොරිය
හැච් බැක් අරන් බඩු පැක් කරනත් බැරිය
එබුවත් පිකප් නෑ තිබුනට ෂයිනින් බොඩිය
මොකටෙයි අරන් නැතිනම් ලොකුවට ඩිකිය
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
➖➖➖➖➖➖🔴
බොල්ගොඩ වැවේ හෝටලයක එහා කොන
වක්කඩ කඩාගෙන සිතුවිලි ඒ පුරෝ ගෙන
නිදිගැට කඩන ලිය දුටු සඳ උදෑ සන
හිරිකඩ වැටිනි තනිකඩ සිත තෙමා ගෙන
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
මුදලට වඩා මිනිස්කම රජ වූ යුගය
➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖
මේවා නතින්ග් අප පාසල් ගිය බාලේ
හිත හොඳ ගැටිසියන්ගේ රස විඳි ලීලේ
කිසි වියදමක් වැය වූයේ නෑ රාලේ
මිනසත් කමයි රජ කෙරුවේ ඒ කාළේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
නිල්වැල්ලෙන් ඇල්ලට
➖➖➖➖➖➖➖🔴
එල්ලී කෝච්චියේ දොර ළඟ ඇති පොල්ලේ
සුවිමින් කරන්නෙයි වස්තුව ගිය ඇල්ලේ
ආරුක්කුවක් මැද පිහිටා ඇති වල්ලේ
සිග්නල් වැටී බිං ගේ ඇතුලේ හෙල්ලේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
පූසාගේ කයිය
➖➖➖➖🔴
අජඨාකාසෙටත් අපෙ උන් යවනවා නාසා
අපි දන්නවා කෙල්ලන්ගේ හොර භාෂා
අන්දන්නට ඔයා ඔය විදියට දෝ ආසා
මම නම් නොරැවටෙමි කෝ අක්කගේ පූසා
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
සැමදා හඬනට වන නිසා
➖➖➖➖➖➖➖➖🔴
දුටුවෙමි අපුරු පැනයක් බුකියේ යද්දී
මනමාලයා ඇයි නාඩනූ බුලතුත් දෙද්දී
පොර ඉල්ලුවම වයිපර් යයි ගස්සා පැද්දි
හැමදා අඬ අඬා නිදි යන්නේ හිත රිද්දී
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
දෙබිඩි කැන්ඩි යන්
➖➖➖➖➖➖🔴
අම්මා උඩ රටය අප්පා පිට රටය
මක්කා උනත් දැන් ඉන්නේ පිට කොටුය
මෙව්වා දකින් උන් දිගටම ඇන්දොත් බඩුය
රදළ කුලේ මහ නිළමෙලා කොට උඩය
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
ඉල්ලා අඹ ගන්න
➖➖➖➖➖➖➖➖➖🔴
පැසුනට වඩා රසයි අඹ ඵල අමුවෙන් කන්න
ඉදෙනට කළක් ගතවෙයි බැහැ ඉව සන්න
අතු මත රැඳුණූ ගැට ගෙඩි එලියට පැන්න
දුටුවම හිතේ රන්කඳ ඉල්ලලා අඹ ගන්න
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
මේ ෆැෂන්ද අප්පා
➖➖➖➖➖🔴➖
වස්තර අඳින්නේ නම් විලි වහ ගන්න
වහගෙන උනත් හැක ලාලිත රස දෙන්න
ඕනම නම් දුවේ කළුනික පෙන් වන්න
කොංගෝ වනේ තෙක් කට් එක දා ගන්න
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.