රෝසිගෙ පූසා

 



රෝසිගෙ පූසා

➖➖➖➖⭕


පූසන් ලෙසට මීයොයි කන් නම                ආසා

මාලුත් ගිනි ගනන් කියවෙයි නරකම       භාෂා

දෙකම නැතත් අලයෙත් නොදකිමි          දෝසා

ගිලිනට ලේසී ලෙස ඔබපන් කටටම       රෝසා


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි



ටික්කි ටිකිරි ටික්‍රිලියා

 


ටික්කි ටිකිරි ටික්‍රිලියා

➖➖➖➖➖➖🔴


ටික්කි ටිකිරි ටිකිරි ලි         යා

කළෙත් අරන් ළිඳට ගි        යා

තන පට කුමකටද කි         යා

ළිඳේ පැනලා නෑවා එ         යා


ළිඳ වටකර කබරගො        යා

කොර වී සිහි නැතිව ගි      යා

ඇස් නැති දිග දියබරි          යා

පස් නැති ගුල තුලට ගි      යා


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

වැට පැනීම

 


වැට පැනීම

➖➖➖❤️


කොල්ලෝ මතක් විය පෙර කළ වැට      පැන්න

නැග්ගොත් උඹ දිණුම් බඩ ගා ගෙන        ඔන්න

තහනම් ගහේ ගෙඩි රස කර කර වළ      ඳන්න

පැනපන් සුදු නගේ මම ඉන්නවා බා        ගන්න


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

කොංගෝ වනයේ ගොළුබෙල්ලෝ


කොංගෝ වනයේ ගොළුබෙල්ලෝ 

➖➖➖➖➖➖➖➖ 🐌 🐌🐌➖


කොල්ලෝ සොයති මුතු පලලා සුදු        බෙල්ලෝ

එබැවින් රකී මුතු ඇට පන මෙන්          කෙල්ලෝ

තෙත ගල් මතත්  රැදි වනචර කූ            ඩැල්ලෝ

ලිස්සා රඟයි කොංගෝ වනයේ ගොළු  බෙල්ලෝ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

 

කියුකම්බර් වන්ඩර්

 



කියුකම්බර් වන්ඩර්

Cucumber Wonder 

➖➖➖➖➖➖🔴


මොකටෙයි බලා නරි කොල්ලන්ගේ     ගෙම්බර්

ඩිල්ඩෝ ටෙස්ට් ටියුබ් වම්බටු වල          වන්ඩර්

හොරැහෙන් බලන විදියෙන් පේනවා      නම්බර්

හැංගුවා නේද බොල ගෙඩියක් කියු       කම්බර්


©®  කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

පිකප්, හැච්බැක් ඇන්ඩ් ඔටෝ විත් බිග් ඩිකි

 



පිකප්, හැච්බැක් ඇන්ඩ්

ඔටෝ විත් බිග් ඩිකි

➖➖➖➖➖➖🔴


ගුඩ්ස් ඩිලිවරියට ගැල පෙන්නේ නම්     ලොරිය

හැච් බැක් අරන් බඩු පැක් කරනත්           බැරිය

එබුවත් පිකප් නෑ තිබුනට ෂයිනින්        බොඩිය

මොකටෙයි අරන් නැතිනම් ලොකුවට      ඩිකිය


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි


බොල්ගොඩ අසිරිය


 බොල්ගොඩ අසිරිය

➖➖➖➖➖➖🔴


බොල්ගොඩ වැවේ හෝටලයක එහා        කොන

වක්කඩ කඩාගෙන සිතුවිලි ඒ පුරෝ          ගෙන

නිදිගැට කඩන ලිය දුටු සඳ උදෑ                      සන

හිරිකඩ වැටිනි තනිකඩ සිත තෙමා           ගෙන


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.


මුදලට වඩා මිනිස්කම රජ වූ යුගය



 මුදලට වඩා මිනිස්කම රජ වූ යුගය

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


මේවා නතින්ග් අප පාසල් ගිය                   බාලේ

හිත හොඳ ගැටිසියන්ගේ රස විඳි               ලීලේ

කිසි වියදමක් වැය වූයේ නෑ                       රාලේ

මිනසත් කමයි රජ කෙරුවේ ඒ                 කාළේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

නිල්වැල්ලෙන් ඇල්ලට




 නිල්වැල්ලෙන් ඇල්ලට

➖➖➖➖➖➖➖🔴


එල්ලී කෝච්චියේ දොර ළඟ ඇති         පොල්ලේ

සුවිමින් කරන්නෙයි වස්තුව ගිය            ඇල්ලේ

ආරුක්කුවක් මැද පිහිටා ඇති                 වල්ලේ

සිග්නල් වැටී බිං ගේ ඇතුලේ                හෙල්ලේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

පූසාගේ කයිය


පූසාගේ කයිය

➖➖➖➖🔴


අජඨාකාසෙටත් අපෙ උන් යවනවා            නාසා

අපි දන්නවා කෙල්ලන්ගේ හොර                භාෂා

අන්දන්නට ඔයා ඔය විදියට දෝ                 ආසා

මම නම් නොරැවටෙමි කෝ අක්කගේ         පූසා


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

 

සැමදා හඬනට වන නිසා



 සැමදා හඬනට වන නිසා

➖➖➖➖➖➖➖➖🔴


දුටුවෙමි අපුරු පැනයක් බුකියේ                     යද්දී

මනමාලයා ඇයි නාඩනූ බුලතුත්                  දෙද්දී

පොර ඉල්ලුවම වයිපර් යයි ගස්සා               පැද්දි

හැමදා අඬ අඬා නිදි යන්නේ හිත                  රිද්දී


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

දෙබිඩි කැන්ඩි යන්





දෙබිඩි කැන්ඩි යන්

➖➖➖➖➖➖🔴


අම්මා උඩ රටය අප්පා පිට                            රටය

මක්කා උනත් දැන් ඉන්නේ පිට                 කොටුය

මෙව්වා දකින් උන් දිගටම ඇන්දොත්          බඩුය

රදළ කුලේ මහ නිළමෙලා කොට                 උඩය


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

 


ඉල්ලා අඹ ගන්න

 


ඉල්ලා අඹ ගන්න

➖➖➖➖➖➖➖➖➖🔴


පැසුනට වඩා රසයි අඹ ඵල අමුවෙන්        කන්න

ඉදෙනට කළක් ගතවෙයි බැහැ ඉව            සන්න

අතු මත රැඳුණූ ගැට ගෙඩි එලියට            පැන්න

දුටුවම හිතේ රන්කඳ ඉල්ලලා අඹ             ගන්න


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.